Sunday, June 11, 2017

මී මුරේ යන්න බලාපොරොත්තුවන ඔබට..


ඔන්න නිවාඩුවට යන්න ලස්සන තැනක් ගැන විස්තර ගොඩක් තමයි සන්තානය blog අඩවියෙන් අද මේ විදියට ඔයාලට තිලිණ කරන්නේ..



                                        
ආදරය කරන අයට විනෝද වෙන්න කැමති අයට සාම්ප‍්‍රදායික කාර්්‍යබහුල ජීවන රටාවෙන් ඈත්වෙලා ගැමි සුන්දරත්වයේ අපූරුව නිදහසේ විදින්න කැමති  ඕනම කෙනෙක්ට යන්න පුඟවන් ශ‍්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය අතින් ඉහලම තැනක් හිමිකරගන්නා ස්ථානයක් තමයි මී මුරේ කියන්නේ..අද අපි ඔයාලට ලස්සන මී මුරේ ගැන වැදගත් තොරතුරු ගොඩක් අරන් ඇවිත් තියනවා.
මී මුරේට යන්නෙ කොහොමද, මී මුරේ කියන්නෙ මොන වගේ ගමක්ද, එහෙදි අපිට විනෝද වෙන්න පුඟවන් අවස්ථා මොනවද, මී මුරේ යත්දි අපි අවධානයට ගත යුතු කරුණු මොනවද, මෙන්න මේ වගේ මීමුරේ ගැන වැදගත් තොරතුරු ගොඩක් අපි අද ඔයාල වෙනුවෙන් අරන් ඇවිත් තියනව. ඉතින් කවුද අකමැති සුන්දර පරිසරයක නිදහසේ විවේකය ගත කරන්න.
මී මුරේ ගැන මම ඔයාලට තව දෙයක් මතක් කරන්නම්..ලංකාවේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර අතින් ඉතාමත් ඉහල ස්ථානයක් හිමිකරගත්ත චිත‍්‍රපටියක් තමයි සූරිය අරණ කියල කියන්නේ..මේ සූරිය අරණ චිත‍්‍රපටය රූ ගත කිරීමට යොදා ගන්නෙත් මේ මීමුරේ ගම්මානය..ඉතින් දැන් මී මුරේ සුන්දරත්වය ගැන පුංචි ඉුගියක් ඔයාලට ලැබෙන්න ඇති.
මීමුරේ සුන්දරත්වය විදගන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට මං ඒ ගැන තව විස්තර ටිකක් කියන්නම්..
භූගෝලීය පිහිටීම වශයෙන් ගත්විට මීමුරේ මේ කුඩා හුදකලා ගම්මානය පිහිටල තියෙන්නෙ මාතලේ සහ මහනුවර කියන දිස්ත‍්‍රික්ක දෙක අතර.
කොළඔ නගරයේ ඉදන් මීමුරේට තිබෙන දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 175ක්.
ඔබ කොළඔ නගරයේ සිට මී මුරේට යන කෙනෙක්නම් ඔබ මුලින්ම කොළඔ නගරයේ සිට කිලෝ මීටර් 126ක් දුරින් පිහිටි මහනුවර නගරයට යා යුතුයි..ඉන්පසුව ඒ 26 එනම් මහනුවර මහියංගන මාර්ගයේ මහනුවර සිට මහියංගනය දෙසට කිලෝ මීටර් 35 ක් ගමන්කරන විට හුන්නස්ගිරිය හන්දිය හමු වෙනවා. හුන්නස්ගිරිය හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් 35ක් පමණ ඉදිරියට ගමන් කරන විට  ලෝල්වත්ත ගම්මානය ඔබට හමුවේවි. මේ ආසන්නයේ තමයි මීමුරේ සුන්දර ගම්මානය පිහිටලා තියෙන්නේ.


ඒ වගේම අපේ යාඟවන්ට මතක් කරන්න තවත් වැදගත් කරුණක් තියනවා.මේ ප‍්‍රදේශයේ පවතින භූගෝලීය පිහිටීම නිසා ගමන් මාර්ගය තරමක් දුෂ්කරයි.මේ සංචාරයෙදී ඔබ ඩබල් කැබ් එකක් වැනි තරමක් උස වාහනයක් භාවිත කිරීම ගමනට වඩාත් පහසු වේවි..ඒ වගේම මෙම ප‍්‍රදේශයේ දුරකතන සේවාවන් කි‍්‍රයාත්මක වන්නෙත් නැහැ..ප‍්‍රවාහනය සදහා බස් රථ ගමනාගමනය සිදු වන්නෙත් නැහැ..ගම්මානයටම තිබෙන්නෙ එක් කුඩා වෙළඳසැලක් පමනයි...ඉතින් මෙම වෙනස් ආකාරයේ අත්දැකීමට මුහුණදීමට යන්න බලාපොරොත්තුවන ඔබ ඔබට අත්‍යවශ්‍ය දේවල් රැගෙනයාමට අමතක කරන්න එපා.
අදවන විට අන්තර්ජාලය හරහා මෙම සංචාරයේ නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. ඔබට අවශ්‍ය පරිදි මෙම සුන්දර ගම්මානයේ ගැමි අසිරිය සමගින් ගැමි නිවසක රාත‍්‍රියගත කරන්නත් පුඟවන්. තවදුරත් ඔබකැමතිනම් ඔබේ සමීපතමයන් සමග කුඩාරමක නිදහස්ව රාත‍්‍රිය ගත කරන්නට එයටත් ඔබට අවස්ථාව තිබෙනවා..
මෙම සංචාරයේ තවත් අපූරු දේවල් ඔබට වෙන් කරවා ගන්න පුඟවන්. ඒ අතර
ආහාර
බබිකියු
රාත‍්‍රියේ ජ්පචසෙරු
සංගීතය හා ත‍්‍රාස්‍යජනක අත්දැකීම්
විවිධ පාන ලබා ගැනීමට හැකිවීම සුවිශේෂියි.
විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි මෙම ගම්මානයේ ජීවත් වන්නේ කෘෂිකර්මාන්තම මත යැපෙන්නාවූ 400 ක් පමන සුඟ ජන කොටසක්..සුන්දරත්වය විදින්නට යන අපි ඒ සුන්දරත්වය අනාගතය වෙනුවෙනුත් ඉතිරිකර පැමිනීමට මතකතබා ගත යුතුමයි.

මීමුරේ ගම්මානයට යන ඔයාලට ලස්සන දර්ශන ගොඩක් දකින්න ලැබේවි.ඒ අතර
සුන්දර දිය ඇලිවල විනෝද වෙන්න,පීනන්න,නාන්න වගේම
වනාන්තරවල ඇවිදින්න
ලස්සන ඡායාරූප ලබා ගන්න
කදු නගින්න වගේ ලස්සන අත්දැකීම් ගොඩක් ලබා ගන්න ඔයාලට පුඟවන්.
ඒ වගේම මීමුරේ අවට තිබෙන තවත් සුන්දර ස්ථාන රාශියක් තිබෙනවා.නකල්ස් කදු වැටිය පුංච් ලෝකාන්තය වගේ ලස්සන තැන්වලට ගිහින් ඔයාලගේ මේ සංචාරය තවත් ලස්සන කරගන්න අමතක කරන්්න එපා.
සුන්දර පරිසරයක නිවාඩුවක් ගතකරන එක කාර්්‍යබහුල ජීවිතයක් ගත කරන ඔයාල හැමෝටම ලොකු මානසික සතුටක් අරන් ඒවි..
වචනයෙන් මං කියනවට වඩා අනිවාර්යෙන්ම මීමුරේ ගිහින් මේ සුන්දර අත්දැකීම් විදගන්න තවත් ප‍්‍රමාද වෙන්න එපා..

 -සන්ධ්‍යා නිල්මි-
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

                                                                                                                                    -සන්ධ්‍ය...