Tuesday, August 1, 2017

කතරගම මහා දේවාලයේ කතරගම දෙවියන් උදෙසා පවත්වනු ලබන සර්ව ආගමික පුද සිරිත්.





කතරගම මහා දේවාලයේ කතරගම දෙවියන් උදෙසා පවත්වනු ලබන සර්ව ආගමික පුද සිරිත්.

 

කතරගම මහ දේවාලයේ පුද සිරිත් පැවැත්වෙන්නේ නොවෙනස්වන පටිපාටියක් අණුවය. දේවාල සීමාව තුල අවමංගල්‍යක් වුවොත් හැරෙන්නට වෙනත් හේතුවක් නිසා මෙම පුජා විදින්හි වෙනසක් සිදු නොවේ. මෙම පුද සිරිත් ගොඩනැගී ඇත්තේ හින්දු සමයේ පමණක් නොව බුද් සමෙයේද ආභාෂය ලැබීමෙන බව පෙනේ. සංස්කෘතින් දෙකටම අදාල වූ පුජා විධින් මෙහිදී දුනා ගන්නට ලැබෙන අතර පහත පරිදි එම එක් එක් පුජා විදින් පිළිබද දැක්විය හැකිය.

 

මුළුතැන් බෑම

දෙවියන් සදහා ආහාර සැපයිම මුළුතැන් බෑම යනුවෙන් අදහස් කෙරේ. මේ වැඞීම යන්නද මීට භාවිතා කරන අපර නාමයකි. මුළුතැන් ගෙය යනු අයහාර පිසින කාමරය හෙවත් කුස්සියයි. පිසු ආවාර සැපයෙන්නේ කුස්සියෙනි. දෙවියන් උදෙසා වෙන් වූ කුස්සියෙන් දේවාලයට ආහාර සැපයීම යන අරුතින් මෙම චාරිත‍්‍රය මුළුතැන් බෑම යනුවෙන් හදුන්වන බව සිතිය හැකිය. මුළුතැන් බෑම යනුවෙන්ද හදුන්වන්නේ මෙම චාරිත‍්‍රයම වන අතර පුරයණ සිංහල රජ පාලිගාවල මෙම සිරිත පැවතී ඇත. දිනකට තුන් වරක් දෙවියන් උදෙසා ආහාර පූජා කිරීම දැනට දක්නට ලැබෙන සිරිතය. හින්දු පිළිගැනිම අනුව මුළුතැන් කාවාඩි නමින් හැදින් වෙන්නේ මෙම චාරිත‍්‍රයයි. මෙම කාර්්‍ය සදහාම වෙන් වු වෙනම මුළු තැන් ගෙයක් සේවා මඩුල්ලක් සිටින අතර මුළුතැන් රැුගෙන එන කද මණ්ඩය ලෙස හදුන්වයි. මුළුතැන් කද ගෙන ඒමේ තේවාව කපුරාළට අයිති කාර්්‍යයකි. දිනකට තුන් වරක් සිදු කරන මුළුතැන් පූජාව සදහා සහල් ලැබෙන්නේ එයට වෙන් වූ නින්දගම් වලිනි. මේවා හරකුන් පිට බැදි තවලමි වලින් රුගෙන එන අතර ඒ සදහා වෙස් වූ පිරිසක් සිටියි. ඉතා භක්තියකින් යුක්ලව පිරිසිදුව සකසන මෙම මුළුතැන් පුජාව බුද්ධ පුජාව සදහා රන් පාත‍්‍රයද දේව පුජාව සදහා රන් මණ්ඩයද මේ පිසන්නාගේ බදුනද ෙමිසය මත තබනු ලැබේ. අනතුරුව බුද්ධ පාත‍්‍රයට එක හැන්දක්ද දේව මණ්ඩයට හැදි තුනක්ද තමන්ගෙු පිගානට එක හැන්දක්ද වශයෙන් තෙවරක් ආහාර බෙදන අතර දේව පුජාව උඩු වියන් පාවාඩ සහිතව ඉතාම භක්තියකින් දේවාලය වෙත රැගෙන යයි. ඉතිරිවන ආහාර දේවාලයට රොක්වන බැතිමතුන් වෙත බෙදා දෙන අතර ප‍්‍රසාද නමින හැදින්වෙන මෙම අතිරික්ත භෝජනය ලබා ගැනීමට බැතිතුන් ඉතා උද්යෝගයකින් යුක්ව කටයුතු කරයි. මෙහි සියළු රෝග නිවාරණය කිරීමේ බලයක් පවතින බව ඔවුන්ගේ විශ්වාසයයි.

නානුමුර මංගල්‍යය
නානුමුර මංගල්‍යය දෙවියන් සදහා නොව බුදුන් උදෙසා පැවැත්වෙන පුජා විදියකි. නානුමුරය හෙවත් නෑවීම කෙරෙන්නේ බොධින් වහන්සේ වීම එයට හේතුවයි. නානු මුරය පැවැත්වෙන සෙනසුරාදා දින වල උයද කාලයේ දේවාලයේ මුළුතැන් බෑම් කාර්්‍ය තාවකාලිකව නතර කිරීමෙන් දේව පූජාවට වඩා බුදධ පුජාව අගය කරන බවක් හෙළිවෙයි. එහෙත් එය බොදු බැතිය නිරූපනය කරන්නට වඩා දේව බැතිය ඉස්මතු කරන්නක් වීමෙන් හින්දු සමය විසින්් බුදු සමය ආක‍්‍රමණය කිරීමක් බව පැහැදිලිය.මෙහිදී බෝධය නෑවීම සදහා මැණික් ගගෙන් ජලය ගෙන එනු ලබන්නේ ආලිත්ති අම්මලා විසිනි. එම ජලයට සුවස මුසු කොට හේවිසි නාද මධ්‍යයේ කපුරාළ විසින් බෝධියට සුවද පැන් වත් කරනු ලබයි.
 
කාවඩි පූජාව
 

ප‍්‍රතිපත්තියක් වශයෙන්ම දෙවියන් සතුටු කිරීම සදහා ශරීරයට දුක් දීම (අත්තකිලමතානුයෝගය* හින්දු භක්තිකයෝ මහත් ඉහලින් අගය කරති. මේ පිළිගැනීම පදනම් කර ගනිමින් ගොඩනැගුණු එබදු දේව පූජා විධි අතර කාවඩි පූජාව එකකි. අතීතයේදී කුලීනයන්ට පමනක් සිමා වු මෙම පූජා විධිය කලකදී ඉතා ඉහලින් සැලකුණ පංචමාකාර පූජා විධියෙන් එකක් ලෙස දැක්විය හැකිය. වර්ථමානයේ ජාති ආගම් කුල ආගම් වැනි කිසිත් හේදයක් නොසලකා හැම දෙනෙකුම මෙම පූජාවෙහි යෙදෙනු දැකිය. එසේ පැවැත්වෙන කාවඩි වර්ග කිහිපයකි. එනම්
 
  • පරවි කාවඩි
  • භක්ති කාවඩි
  • ගිනි කාවඩි
  • කිරි කාවඩි
  • මතස්‍ය කාවඩි
යනුවෙනි.වර්ථමානයේ සිංහල දෙමල සංස්කෘතික භේදයකින් තොරව මෙම කාර්‍යයෙහි යෙදෙනු ලැබේ.
 
 අවුරුදු මංගල්‍යය
 

අවුරුදු මංගල්‍යය පැවැත්වෙන්නේ බක් මාසය හෙවත් ව්‍යවහර මාස අනුව අපේ‍්‍රල් මාසයේය. අළුත් සහල් මංගල්‍යය යනුවෙන්ද හැදින්වෙන්නේ ද මෙම උත්සවයයි. දේවාලයේ වර්ශය පටන් ගැනිම නිමිත්තෙන් පැවිත්වෙන මෙම උත්සවයේදී දක්නට ලැබෙන ප‍්‍රධාන අංගය වන්නේ දේවාල භුමියේ ස්ථාන පහක නැවුම් මුට්ටිවල කිරි ඉතිරවීමයි. මේ සදහා මහා දේවාලයේත් සතර කොනේත් මහ දේවාලයට පිවිසෙන තැන අතු පන්දලම යටත් ලිප් පහක් බදිනු ලැබේ. කිරි ඉතිරවීමට භාවිතා කරන්නේ එම ලිප් පහය. කිරි ඉතිරවීම සෞභාග්‍යයේ සංකේතයක් වශයෙන් පෙරදිග වැසියෝ විශ්වාස කරති. අවුරුදු මංගල්‍ය දිනයේදී මුළුතැන් පූජාව සදහා යොදා ගන්නේ අළුත් වි වලින් ලබා ගන්නා සහල්ය.අළුත් සහල් මංගල්‍යය හෙවත් අළුත් අවුරුදු මංගල්‍යය නිමිති කරගෙන එක් දිනක චාම් පෙරහැරක් පැවැත්වේ. මෙදින මහ දේවාලයේ මෙන්ම වල්ලි අම්මා දේවාලයේද කිරි උතුරවනු ලැබේ. හින්දු පිළිගිනීම සහ ජොතිෂ ශාස්ත‍්‍රය අනුව වර්ශයක් ආරම්භ වන්නේ අවුරුදු සංක‍්‍රාන්තිය සිදුවන බක් හෙවත් අපේ‍්‍රල් මාසයෙනි. චිරාගත සිංහල දෙමළ අවුරුදු උත්සවද පැවැත්වෙන්නේ මේ නිමිත්තෙනි. කතරගම දේවාලයේ අළුත් අහුරුදු මංගල්‍යය ද හින්දු චාරිත‍්‍ර විධි අනුගමනය කිරීමක් සහ සංස්කෘතින් මිශ‍්‍ර වීමක් ලෙස හැදින්විය හැක.

ඇසළ උත්සවය
 

කතරගම දේවාලයේ දෙවියන් උදෙසා පැවැත්වෙන වාර්ශික උත්සව අතර ඉතාම විසිතුරු වූත් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන මංගල්‍යය ඇසළ උත්සවයයි. මේ කාලය තු කතරගම දේවාලය පමණක් නොව මුළු කතරගම නගරයම උත්සව සිරි උසුලයි. සිංහල දෙමළ මුස්ලිම් ආදි විවිධ ජාතිකයන්ගෙන් කතරගම පුරය මේ කාලයේදී පිරී යන ආකාරය දැකිය හැකිය. ඇසල මහ පෙරහැර ඇතුළු උත්සව මාලාවට මුල පුරණුයේ කප් සිටුවීමෙනි.සිටුවීමට යොදා ගන්නා කප හෙවත් කණුව කැපීමද එක්තරා ආකාරයක මංගල්‍යයක් ලෙස සැලකේ. කප් සිටුවිමේ මංගල්‍යයට පෙරාතුව පැවැත්වෙන්නේ කණු කපන මංගල්‍යයයි. රාජ මන්දිර වැනි විශාල වූත් ගෞරවනිය වූත් ගොඩනැගිලි කර්මාන්ත ආරම්භ කිරීමේදි සහ විශාල පෙරහැර උත්සව ආරම්භ කිරිමේදී කප් සිටුවීම පුරාණයේ සිට එන චාරිත‍්‍රයකි. කප් සිටුවීමෙන් බලාපොරොත්තු වන්නේ අපේක්ෂිත කටයුත්ත සාර්ථකව නිම කර ගැනීමටත් එහි නියලෙන්නන්ට එලඹෙන අපල උපදාව දොස් දුරුකර ගැනීමත් දේව ආශිර්වාදය පැතීමත්ය. එක් අතකින් එය දෙවියන්ට වන භාරයක පොරොන්දුවක ස්වරූපය ගනියි.ඇසළ උත්සවයේ මුලික තැන ඇසළ පෙරහැරට හිිමිවන අතර එය අංග කිහිපයක් යටතේ සිදු වේ.මහ පෙරහැරෙහි සියළු සංස්කෘතින්වලට අයත් සංස්කෘතික අංත දක්නට ලැබෙන අතර පෙරහැර එළිය කරන පන්දම් කරුවන්ද සුවද දිය සහ මල් ඉසින්නන්ද මාර්ගය පවිත‍්‍ර කිරීම පිණිස කහ දියර ඉසින්නන්ද ස්තෝත‍්‍ර සහ දෙමළ ගීතිකා ගායනා කරන්න්ද පෙරහැර දෙපසින් ගමන් කරනු දැකිය හැකිය. රාත‍්‍රි හතක් ඔස්සේ මහ පෙරහැර පවත්වනු ලැබේ. මුළු පෙරහැර සමයම සමස්ථයක් වශයෙන් ගත් කල පැහිදිළි වන්නේ එය සිංහල දෙමළ සංස්කෘතින් මෙන්ම බෞද්ධ හින්දු සංස්කෘතින් සංකලනයෙන් ගොඩනැගුණු සංකීර්ණ කි‍්‍රයාදාමයක් බවයි.

ගිනි පෑගීම
 


කතරගම ඇසල උත්සවයේ දර්ශනීය වුත අසිරිමත් වූත් අවස්ථාවක් වන්නේ ගිනි පෑගිමයි. මෙය භක්තිය පදබන කර ගනිමින් සිදු කරන්නකි.මෙහි යෙදෙන පිරිස් බොහෝ විට කණ්ඩායම් වශයෙන් එක් වී සංවිධානය වි සිටියි.මහ පෙරහැර පැවැත්වෙන දින 15 මුළුල්ලේම පුද පුජා කටයුතු වල නිරතවන මොවුන් විරති ශිලයක් රකිති. මස් මාංශ අනුභවයෙන් සහ කිළි කුණු වලින් වැලකි සිටින ඔහුහු මත්පැන් පානය සහ වෙනත් දුෂ්චරිතයන්ගෙන්ද මේ කාල සිමාව තුළදී වෙන්ව සිටිති. මෙම දින කිහිපය එක්තරා කායික වුත් මානසික වුත් සංයමයක්න් හෙවත් ගිනි පෑගමේ දිනය ආරම්භ වන තෙක්ම එයට සඅදානම් වන ආකාරයත් දැකගත හැකිය. ගිනි පෑගිම භාරතීයන් තුලද දැකිය හැකි සිරිතකි.අනාදිමත් කාලයක සිට මිනිසා ගින්න සමග සබදතා දක්වනු ලැබේ. ගිනි පෑගීම හින්දු සමය හා අත්වැල් බැද ගත් සිරිතක් වුවත් මුස්ලිම්වරු පවා එහි නිරතවන බව පෙනේ. හින්දු දෙවිවරුන් හා මුස්ලිම් දෙවි වරුන් අතර කිසිදු සම්භන්දයක් නොමැති වුවත් මුස්ලිම්වරු මෙයට හුරු වි ඇති ආකාරය දැකිය හැකිය.ගිනි පෑගීමේදි සකස් කරන ගිනි මැලය පුරාණ නැකත් සහ චාරිත‍්‍ර අනුව සකස් කරනු ලබයි.දාර යාර 4ක් පමණ යොදා ගන්නා අතර ඇවිලවීමට යොදා ගන්නේ කපුරු පමණි. සංස්කෘතික වශයෙන් මිශ‍්‍ර වු කටයුත්තක් වන අතර දේව භක්තිටයන් යුක්තව සිදු කරනු ලබයි.
 
දෙවියන් උදෙසා බාර වීම

 

දෙවියන්ගේ පිහිටත් උපකාරයක් ඉල්ලීමත් එය ඉටු වුවටහාත් දෙවියන් උදෙසා ආමිසයෙන් හෝ ප‍්‍රතිපත්තිටයන් යමි කිසි ප‍්‍රත්‍ය උපකාරයක් කිරිමට පොරොන්දු විම බාරවිම යනුවෙන් අදහස් කෙරේ.දෙවි පිහිට පැතීමත් භාරවිමත් අභිමතාර්ථ සිද්ධියෙන් පසු භාර ඔප්පු කිරිමත් අතීතයේ සිට පැවත ඇති බව සුජාතාව සම්බන්ද සිද්ධියෙන් පැහැදිලි වේ. බාරවිම වූ කලි හින්දු චාරිත‍්‍ර විදියක ්පමණි.දෙවියන්ටගන් කල ඉල්ලීම සඵත වු පසු දෙවියන් සතුටු කල යුතුබව වෛදික පිළිගැනීමකි. හුදු දේව වාදින්ගේ බාරවීම්වල හා දේව භක්තික බෞද්ධයන්ගේ බාරවීම් වල ප‍්‍රකට වෙනසක් දැකිය හැක.එනම් දේව භක්තිකයන්ගේ පූජාවල දක්නට ලැබෙන බිලි පූජා මෙහි ඇතුලත් නොවිමයි. බුදුදහම හා බැදි අවිහිංසාවාදී ලක්ෂණ අනුව බිලි පුජා වෙනුවට කැවිලි පෙවිලි මල් පහන් උපයෝගි කරටලන පුජා පවත්වන බවයි.බුදු දහමේ ශික්ෂණය දේව පුජා කෙරෙහි බලපෑ ආකාරය මෙහිදි දැකිය හැක.
 
පිරිත් නිලය
 
කතරගම මහ දේවාලය ආශිතව පවතින තවත් බෞද්ධ චාරිත‍්‍ර විදියක් ලෙස මෙය හැදින්විය හැකිය.
ඇසල පෙරහැර ආරම්භයේදී පිරිත් දේශනා පවත්වා රත්නත‍්‍රයේ ආශිර්වාදය ලබා ගැනිම මෙහිදී සිදුකරන අතර එයින් හෙලි වන්නේ හින්දුන්ගේ දේව විශ්වාසයන් බෞද්ධ රාමුවක් තුල හැඩගැසි විකාශණය වී ඇති බවයි.

පොල් ගැසීම
 
විවිධ දෙවි දේවතාවුන් උදෙසා පැවැත්වෙන පොල් ගැසිමේ පුජා විධි අතර කතරගම දෙවියන් උදෙසා සිදු කරන පොල් ගැසිමේ චාරිත‍්‍රයද වැදගත් තැනක් ගනියි. කතරගම දේවාලයට යන බැතිමතුන් වැඩි දෙනෙක් දේවාලය ඉදිරිපිට ඒ සදහා වෙන්කොට ඇති ස්ථානයේ පොල් ගෙඩියක් ගැසිමෙන් දෙවියන්ට උපහාර කරයි. පොල් ගෙඩිය ජලයේ සෝදා ඒ මත කපුරු පෙති කීපයක් දල්වා පොල් ගෙඩිය ගසනු ලැබේ.පොල් ගැසිමේ අරමුණු දෙකක් පවතින අතර දෙවියන්ට තම භක්තිය දක්වා උපහාර කිරිමත් තම අභිමාර්ථ ඉටුවන ආකාරය ගැන ඉගියක් ලබා ගැනීමත්ය. පොල් ගෙඩිය බිදෙන අකාරය අනුව සුභ අසුභ තීරණය කරනු ලබන අතර මෙය දේව භක්තිය ඉස්මතු කරන හින්දු චාරිත‍්‍රයකි.
කන්නලවු හෙවත් යාතිකා කිරිම
පෞද්ගලික අභිමතාර්ථයක් හෝ පොදු අරමුණක් ඉටු කරවා ගැනීමට බැගෑපත් ලිලාවෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිම කන්නලවු කිරිම යනුවෙන් හැදින්වේ. මෙය සෑම දෙවියෙකු උදෙසා මෙන්ම කතරගම දෙවියන් අදෙසාද සිදු කරනු ලබන අතර මෙහිදි අතරමැදියෙකු වශයෙන් කපුරාල කටයුතු කරයි.දෙවියන්ගෙන් සුභ සෙත පැතිම දේවවාදී සංකල්පයක් වන අතර හින්දු සමයට උරුමකම් කියන චාරිත‍්‍රයකි.

 මුළු හින්දු සමයම ගොඩනැගි ඇත්තේ ගුප්ත විශ්වාස හා ඇදහිලි මත බව ප‍්‍රකට කරුණකි. මිනිසාගේ ස්වාමිත්වය අගයන බෞද්ධ චින්තනය පිළිගන්නා අයෙකුට දෙවියන් ඉදිරියේ බැගෑපත් විමට හැකියාවක් නොමැති වුවද කතරගම දෙවියන් ඉදිරියේ කන්නලවු ඉදිරිපත් කරමින් සෙත් ශාන්ති පත්න්නෝ වැඩි පිරිසක් බෞද්ධයෝ වෙති.ඒ අතර බෞද්ධ භික්ෂුන්ද සිටිති.
 
පේ විම
 
කතරගම  දේවාලයේ සෑම දේව පුජා විදියක් සදහාම මුලික පාරිශුද්ධිය ලැබිමේ ක‍්‍රියාවලිය පේ විම ලෙස හදුන්වයි. එය ශුද්දවන්තයන් හමු විමට යාම සදහා කායික පිරිසිදුකම ඇතිකර ගැනිම හින්දු චාරත‍්‍ර අණුකරනයකි.පේ විමේ අරමුණ කිළි කුණු වලින් ඉවත් වීමය.කිල්ල ආකාර කිහිපයකි
  • ඔසප් කිල්ල
  • කොටහළු කිල්ල 
  • ඉලව් කිල්ල
යනුවෙනි.මෙය බුදු දහම අනුව අනුමත නොකලද හින්දු දහම තුලින් ව්‍යාප්ත වූවකි.
 
මේ ආකාරයට කතරගම දෙවියන් උදෙසා පවත්වනු ලබන පුද සිරිත් හදුනාගත හැකි අතර ඒවායේ සංස්කෘතික මිශ‍්‍ර විම් පැහැදිලිව දක්නට ලැබෙන ආකාරය ඉහත කරුණු තුලින් පැහැදිලි වේ.


ඞී.ජී.අයි.එස්. නිල්මි,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

3 comments:

                                                                                                                                    -සන්ධ්‍ය...