Tuesday, August 1, 2017

කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබද හින්දු මතවාද.


 

කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබද හින්දු මතවාද.
 

කදුකරයේ වතු ආශි‍්‍රතව වසන දෙමල ජනතාව අතර එක් එක් දෙවියන් පිළිබදව බැදි ජන කථා සහ ඓතිහාසික කථා රැසකි.ඒ අතර කතරගම දෙවියන් පිළිබදවද පැවතෙන කථා රාශියකි.කතරගම දෙවියන් හදුන්වන නම් ශි‍්‍ර මුරුගන්,කන්ද ස්වාමි,ශි‍්‍ර සුබ‍්‍රනියර්,ශි‍්‍ර වේලන් නමි කතරගම දෙවියන් කද කුමරු ලෙස හදුන්වයි.මෙතුමන්ගේ උපත සිදු වූයේ දකුණු ඉන්දියාවේ ය. දකුණු ඉන්දියාව මෙතුමාගේ බිජ බිම ලෙස හදුන්වන පෙදෙසට දිනක් ලංකාවේ දකුණු පෙදෙසේ සිට යම් පුද්ගලයකු ගියේය.එහිදී ඔහු මෙම වීර පුරුෂයාට පැවසුවේ ලංකාවේ ගිනිකොන දිග වාසය කරන ඉතා රූප සම්පන්න ස්ති‍්‍රයක් පිළිබදවයි. ඒ වෙන කිසිවකු නොව වල්ලි අම්මා නම් දේවතාවියයි. මේ බව අසා කෙසේ හෝ ලබා ගන්නා අදිටනින් යුතුව දේවතාවි වටා සිටි තරුණ සටන්කාමින් පරදවා ඇයව සරණ කර ගත්තේ කද සුරිදුගේ අදිෂ්ඨාන බලයෙන් බව හින්දුන් විශුවාස කරයි.

 

තවද දකුණු ඉන්දියාවේ සුරත්පත්තම් නැමති දුෂ්ඨ රජකු රජකම් කළේ ය. ඔහු ශ‍්‍රිව දෙවිියන්ගෙන් වරම් ගත් අයෙකි. අනෙක් සියළු රජුන්ට වඩා උසස් මෙන්ම අමරණිය තත්වයක් ලැබීමට මොහු වරම් ගත්තේය.මෙහු ලත් අමරණියත්වය මුදුන් කොටගෙන ලද වද හිංසා කෙළවරක් නොවීය.මෙම හිරිහැර ඉවදා ගැනීමට නොහැකි වූ මුණිවරු හා සෘෂිවරු ශිව දෙවියන් කරා ගොස් මෙම අවනඩුව පැවසීය. ශිවගෙන් වරම්ගත් කිසිවෙකුට එම වරම නැවත අහිමි කිරීමට නොහැකි බව ශිව දෙවියන් පැවසීය.මෙම කතාව අසා ඉතා කෝපයට පත් ශිව දෙවියෝ තෙවන ඇස (නෙට්ටුකන්ත‍්‍ර* ඇර බැලීය. එවිට විහිදී ගිය රෂ්මි කදමිභය ගිනි පුපුරු සයක් වී සරවණපොයිගම් නම් පොකුණෙහි පිපී තිබු නෙළුම් මල් හයක වැදුනි.එවිට ළදරුවන් හය දෙනෙකු බවට පත් විය. ශිව දෙවියන්ගේ ශක්ති බලයෙන් එම දරුවක් බා ගැනීමට දේව කාන්තාවක් මැවීය. ඇය නමින් කාර්තිගයිපොන්ගල් නම් විය.

 

ඇය දිනක් මුහුණු සයක් සහ අත් දොළසක් ඇති විස්මය දනවන රූපයක් බවට පත් වි සිටිනු දිටීය. මේ හේතුව නිසා කදසුරිදු ”අරුගමු ස්වාමි” යන නමින්ද හින්දුන්  හදුන්වයි. දරුවන් රැුක බලා ගැනීමට යෙදවඋ දේවතාවියට කෘතගුණ සැලකීමක් වශයෙන් දිදුලන තරුකැට වී සදාකාලිකව අහසේ බැබලීමට වරම් දුනි. මෙය සිහිකරවනුවස් හින්දු දේව භක්තිකයන් දේව උත්සවයක් පවත්වයි.

 

මෙදිනට සෑම නිවසකම පහන් දල්වා ආලෝකමත් කරයි. කෝවිල්වල දරමැල ගසා එම දිනය සිහි කරන්නේ හදපිරි භක්තියෙනි. කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාර දිව්‍ය රාජයන්ට අත් දොළසක් හා මුහුණු සයක් ඇති බවක් කියති.

 

ස්කන්ධ කුමාර දෙවියන්ගේ අත් දොළසෙහි නා නා විධ වස්තුර් රැුදී තිබෙනු දක්නට ලැබේ. ඒවා පිළිවෙලින් 

 

  • කෙටේරිය

  • දුන්න

  • හීය

  • පලිහ

  • පොත

  • හෙන්ඩුව

  • ති‍්‍රශුලය

  • කඩුව

  • මුගුර

  • සැවුල් රුව සහිත ධජය

  • සක් ගෙඩිය

  • තෝමරය

යන උපකරණයි.

 

කතරගම දෙවියන් මහේෂ්වරයාගේ පුත‍්‍රයා බව හින්දු දෙව කථාවල සදහන් වේ. එමෙන්ම වසරක් පාසා පැවැත්වෙන වේල් උත්සවය ද හින්දුන් විසින් පවත්වනු ලබන්නේ කතරගම දිව්‍ය රාජයා ලබා ගත් ජයග‍්‍රහනයක් සම්බන්ධ මිත්‍යා කථාවක් නිමිති කොට ගෙනය.කද කුමරුන්ගේ වාසස්ථානය ලෙස සැලකෙන කතරගම දෙවොල පුද පූජා පිනිස දකුණු ඉන්දියාවේ සිට හින්දු භක්තිකයන් පැමිනෙනින් එය ඔවුන්ගේ ජීවිතයේ වැදගත් සිද්ධියක් ලෙස සලකා ගෙනය. හින්දුන්ගේ ඇදහීම අනුව කතරගම කයිලාසය හා එක්වන සෘජු රේඛාවක පිහිටි වැදගත් ස්ථානයකි.

 

හින්දුන් දේව සභාවෙන් ගත් දෙවි කෙනෙකු ලෙස කතරගම දෙවියන් සැලකුවද බෞද්ධයන් බෞද්ධ දෙවියකු ලෙස සැලකුවද මෙම සංස්කෘතින් දෙකටම ආවේනික වු පුජා විධින්ද හදුනාගත හැකිය. කතරගම දෙවියන් පිළිබද සංස්කෘතික භේදයකින් තොරව භක්තිවන්තව කටයුතු කරන ආකාරය කතරගම පුදබිම තුල දැකගත හැකිය.එසේම සිංහල සංස්කෘතිය තුල කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබදව දක්වන ආකල්පයත් හින්දු සංස්කෘතිය තුල කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබද දක්වන ආකල්පයත් පිළිබද සැලකීමේදී යම් සමානතාවන් මෙන්ම මිශ‍්‍ර වු විශ්වාසයන්ද සංස්කෘතින් දෙකෙහිම අඩංගු බව හදුනාගත හැකිය.

 

ඞී.ජී.අයි.එස්. නිල්මි,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.


1 comment:

                                                                                                                                    -සන්ධ්‍ය...