Monday, July 31, 2017

ලාක්ෂා හෙවත් ලතු කලාව



ලාක්ෂා හෙවත් ලතු කලාව

දේශීය කලාවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ කලා අංගයක් ලෙස ලාක්ෂා හෙවත් ලතු කලාව හැදින්විය හැකිය. ලංකාවේ පමණක් නොව බුරුමය ඉන්දියාව වැනි රටවලද ඈත පුරාණයේ සිට පැවත එන කලාවකි. පෙර දවස තරුණියන්ගේ අතුල් පතුල් අලංකාර කිරිමටද, රෙදි සායම් කිරීමටද, ලාක්ෂා භාවිතා කරන ලදී. එපමනක් නොව, ලතු කලාව රාජ්‍ය අනුග‍්‍රහයද නොමදව ලත් ජන කලාවකිි. රජ වාසලට අවශ්‍ය වූ කොඩිමිටි, ඊ මිටි, කත් ලී, වියන් මිටි, ආදිය ලාක්ෂා කර්මාන්ත කරුවන් විසින් සැපයිය යුතුව තිබුණි.

ලාක්ෂා කර්මාන්තයේ ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකි. එකක් නියපොතු වැඩ ය. අනෙක පට්ටල් වැඩය. එු අතරින් ලාක්ෂා කර්මාන්තයෙහි නියම හපනා නියපොතු වැඩෙහි දක්ෂයා ලෙස සැලකේ. මන්ද කලාකරුව සතු කුසලතාව මැනවින් ප‍්‍රකට වන්නේ නියපොතු වැඩවලින් බැවිනි. ලාක්ෂා කර්මාන්තයේදී අවශ්‍යවන ලාකඩ ලබා ගැනීම සදහා ක‍්‍රමවේදයක් පවතියි. එහිදී ලාක්ෂා ලබා ගන්නේ කැප්පෙටියා, මොර, කෝන්, පිහිඹිය වැනි ශාකවල යුෂ උරා බොමින් ජිවත්වන ලාක්ෂා කෘමියාගෙනි. එසේ ලබාගන්නා ලාකඩ මුලින්ම හොදින් සෝදා, ගින්නෙන් රත්කර පෙරා ගනු ලැබේ. එසේ ලබාගත් ලාකඩ පසුව සාදලිංගම්, රන්හිරියල්, ලාම්පුදැලි ආදිය යොදා වර්ණ ගන්වනු ලැබේ. අතීතයේ මෙසේ වූවද වර්තමානයේ ලාක්ෂා සදහා වර්ණ ලබා ගන්නේ වෙළ`ද පොළෙනි. ලාක්ෂා වැඩ සදහා වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ අරිම්බුව, ලණුව, ගල් බින්දුව, පලාපෙති, දම්වැල, කලස් දහය, වැනි පැරණි සිංහල සැරසිලි එ්කකයන්ය. නිියපොතු වැඩ වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ අවුඅතු මිටි, මුරායුධ මිටි, කොඩිමිටි, බස්තන් ආදියටයි. පට්ටල් වැඩවලින් නිමතරනු ලබන ලාක්ෂා නිර්මාණ වන්නේ අලූ බදුන්, උඩැක්කි, බෙර, හොරනෑ, ආභරණ හෙප්පු, මල් පෝච්චි ආදියයි. මේ ආකාරයට අතීතයේදී ලාක්ෂා කලාව තුලින් අගනා කලා නිර්මාණ බිහිවූ අතර වර්තමානයේ සමාජ සංස්කෘතික වෙනස් වීම් සමග මෙම දේශීය කලාවන් ජනයාගෙන් දුරස් වීම දේශිය කලාවන් මිහිමතින් තුරන් වීමට හේතු වේ.

ඞී.ජී.අයි.එස්. නිල්මි,

ජනසන්නිවේදන අධ්‍යයන අංශය,

කැලණිය විශ්වවිද්‍යාලය.




  පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී...   


විස්මිත ලොවේ ජීවය ඇති නැති                            සැමට

කවි ගී ලියවුනා මන පිනවන                                ලෙසට

පියගුණ ගනින්නට බැහැ ලොව                         කිසිමවිට

එනිසයි ඔබ අහිමි ඔය කවිි ගී                               ලොවට


කුස පිළිසිදින්නත් පළමුව දු                                    පුත්තු

මව් සෙනෙහසත් පිය හඳ ඇතුලට                           ගත්තු

එනිසයි බිහිවුනේ ලෝකෙට                             බෝසත්තූ

කවි ගී ලිය යුතුයි පියවරු                                   සිල්වත්තු


නෙත් දෙක වගේ දරුවන් සැම රැුක                     ගන්නේ

සිප් සත දෙන්න ඔබ බැරි බර                         උසුලන්නේ

මිණි මුතු වගේ ඔවදම් කියලා                             දෙන්නේ

පිය සෙනෙහසට කවි ගී නැත                       ලියවෙන්නේ   


                                               මහ මෙරකටත් වඩා ඇත දරුසෙනෙහස                  අගය

                                               ලෝ දම් නිසාවෙන් පිය ගත කිරි                               හිඟය

                                              වතු පිටි මිල මුදල් ඉදිකල                                      මාලිගය

                                              කවි ගී ලියනු වස් පියවරු                                     මහ මඟය


රකිමින් ගුණ දහම් සැම සිත                             සනසන්නේ

රජකම් ලෙසින් වෙදකම්  කරමින්                          ඉන්නේ

දල්වා නැණ පහන් ආලෝකය                              දෙන්නේ

පිය සෙනෙහසක් ගැන කවදද                         ලියවෙන්නේ



                                              හැම තැන කෙත් වතුය මුළු රට                             සරුසාර

                                             කම්හල් ඉදිවුනා ගම නගරය                                      නෑර

                                             රජවරු බිහි වුනා ගති ඇති                                       සුරවීර

                                              පිය සෙනෙහසට හිමි වුනේ ඇයි                            මහපාර



පිය සෙනෙහසත් හැඟුමන් නිති                       ඇතිවේවා

පිය සෙනෙහසට කවි ගී වැල්                            ලියවේවා

අවසන් මළගමට පිය ගුණ                                ඇතිවේවා

සෝකප්පරකාසවත් මතු                                   ලියවේවා


                                                               

 ඞී.ජී.අයි.එස්.නිල්මි.                                                               

 ජන සන්නිවේදනය අධ්‍යයන අංශය

 කැලණිය විශ්වවිද්‍යාලය.

                           








Friday, July 7, 2017

නෙලන්ට ගිහින් ඵලවැල...ගෙනෙන්ම් ඉතින් බරටම..
අනේ දරුවනේ නාඩන් කියු අම්මලා...

(පිපුණු සත් පියුම් පරනොවෙන්නට, අපේ කාලයේ මන්ත‍්‍රී දේවීන් පිළිබඳ කෙරෙනා ගීතමය විමසුම )

 

මානව හැගීම් ප‍්‍රකාශ කිරීමට යොදා ගන්නා වූ නිර්මාණශීලී සන්නිවේදන රටාවක් ලෙස ගීතය හදුන්වා දිය හැකිය.හදවත පිනා යන්නා වූ අපූර්ව සුන්දරත්වයේත් රක්ත වර්ණ රුධිරයේ ජීව ගුණය රදා පැවැත්මේ නිහඩ සාක්ෂිය වූ මානව පේ‍්‍රමයේත් අනියත බවේ ආශ්වාදය හදවතට බද්ධ කරන්නා වූ විරහ වේදනාවේත් මනස්කාන්තත්වයෙන් පිරි කලා ලොවේ කලාවන් අතර තනිවූ හදවත් හා බැදි හුදකලාවේත් සමාජ සංස්ථාව හා බැදි තාවකාලික මානව චිත්ත සන්තානයන්ගේ ගැටී ඉහිරී ගිය රුධිරයේත් දහඩියේත් කදුලේත් සත්‍ය එක්තැන් කොට තැනූ සමස්ත ජනයාගේ හදවතේ රිද්මයත් ලොවට කියන්නට භාවිතා කළ හැකි අපූර්ව සෞන්දර්යක් ගීතය තුල ගැබ්ව තිබේ.
සමාජය තුල පවතින විවිධ තත්වයන් විවේචනය වන ආකාරයේ ගීත නිර්මාණය වී ඇති ආකාරය හදුනාගැනිමට ලැබෙන අතර පවතින සමාජ තත්ත්වයේ ඇතැම් තැන් විවේචනය කරමින් එම තතත්්වය ට විරෝධව අදහස් දක්වමින් නිර්මාණය වූ ගීත විරෝධ ආකල්ප ගීත වශයෙන් හදුන්වා දිය හැකිය.
ජේ.ඞී. සුමනපාලයන්ගේ අපූර්ව ගී පද සංකලපනාවෙන්ද රූකාන්ත ගුණතිලකන්ගේ ගායනයෙන්ද යුතු මෙම ගීතය තුලින් පවතින සමාජ තතත්්වයෙහි කටුක යථාර්තය දක්වන්නේ ගීතය තුලින් එයට විරෝධ ආකල්පයක්ද එක් කරමිනි.

නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
හිත් තොසින් නොවේ මැරි මැරී
කප්පරක් කිලිටි උන් ලඟ
වැටී උල උලා - වැටී උල උලා

මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකෙන් අරං හනිකට
එක් කරන් ගොහින් දරුවන් වනේ තනිකළා
පොඩි එවුන් වනේ තනිකළා

නෙලන්නට ගිහින් ඵලවැල...

හිස් අතින් එහෙන් එනකෙටෙ
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා
අනේ පරවෙලා අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා

නෙලන්නට ගිහින් ඵලවැල..


ගීතය අන් කලා මාධ්‍යයන් මෙන් කේවල නිර්මාණයක් නොවේ. නවකතාව කෙටි කතාව කවිය වැනි කලා මාධ්‍යයන් කේවල ගණයට වැටෙයි. නමුත් ගීතය ගීත රචකයා සංගීතඥයා ගායකයා යන කලාකරුවන් ත‍්‍රිත්වයේ නිර්මාණයකි. කලාතුරකින් මේ කලාකරුවන් ත‍්‍රිත්වය එක් පුද්ගලයකු තුළ පිහිටීමෙන් ඒක පුද්ගල නිර්මාණයක් ලෙස ගීතය බිහි වේ. බුදුන් කල පංචසික නම් සංගීතඥයා විසින් කළ ගීතයක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ එහි සංගීතයත් ගායනයත් එකිනෙක පරයා නොයන බැවින් ඉතා සුන්දර ගීතයක් වූ බවයි. ”සංගීත රන්කාරය” නම් ග‍්‍රන්ථය ලියන ලද භාරතයේ සංගීතඥයන්ගේ විග‍්‍රහය වන්නේ ”ගායනය, වාදනය, නර්තනය යන ත‍්‍රිවිධ කරුණු ක‍්‍රමාණුකූලව එකට පවතින බවයි”. සංගීත පරිජාත ග‍්‍රන්ථයේ සංගීතය ලෙස ”මනෝහර භාවයන් යුක්ත වූ චමත්කාරයක් ජනිත කරවනු පිණිස ශේෂ්ඨ උසස් සංගීත රසයක් නිපදීම උදෙසා ගීත වාදිත සහ නෘත්‍යය යන සියුම් කලා අංගයන් ක‍්‍රමික පරිදි මුසු කොට පැවැත්විම සංගීත වශයෙන් හදුන්වයි.” ඔක්ස්ෆර්ඞ් ශබ්ධ කෝෂයේ ”මිනිසාගේ හැගීම් ප‍්‍රකාශ කිරිම සදහා ද සංගීතයේ උසස් සංකල්ප සාර්ථක කර ගැනීම පණිසද මිහිරි වූ සුගම්‍ය වූ නාද සංයෝජනය මනා ලෙස සංවිධානය කරනු ලැබීමේ කලාව සංගීතය ලෙස හදුන්වයි.”
සංගීතයක් බිහි වීම සදහා අනිවාර්යය ලෙසම ස්වර වර්ණ පද අර්ථ රාග රසය යන ලක්ෂණ අන්තර්ගත විය යුතුය. ගීතය ලෙස හදුන්වන්නේ ස්වර සහ පද වලින් යුක්ත වු තාලයකට හා ප‍්‍රමිතියකට ප‍්‍රබන්ධ වූ සාහිත්‍යමය පද රචනයයි.

ඉහත දක්වන ලද ගීතය සැලකූ විට සාර්ථක ගී පද රචනාවක තිබිය යුතු අර්ථ ගාම්භීරත්වය භාෂා වෛචිත‍්‍රය ගුණ සම්පත්තිය සුගේයත්වය යන ලක්ෂණ පවතියි. අර්ථ ගාම්භීරත්වය නම් ගීතයක් සවනට වැටුන සැනින් එ් මගින් අපව දැකීමේ හැකියාවයි. අනිවාර්්‍යයෙන්ම ගීතයක ව්‍යංගාර්ථය පැවතිය යුතු වේ. නැතිනම් යටි පෙලක් තිබිය යුතු වේ. එනම් අප ගීතයක් අසා ගීතයේ අර්ථය රස විදීමේ හැකියාව පැවතිය යුතු වේ.ගීතයේ මතු පිට අර්ථයට වඩා එහි ගැඔුර දැකගැනීමේ හැකියාව මෙම ගීතය තුල පවතියි. ගීතය තුලින් විවේචනය වන්නේ පවතින කටුක සමාජ යථාර්ථයේ එක් පැතිකඩකි. එය සමාජයේ පවතින කාරණාවකි. කිරිකැටි බිලිදුන් පවා මෙරට තනිකර දමා දස මස කුස තුල ලේ මස ඔසු කල මවුවරු මුදල් සොයා විදේශ රුකියා වෙත යන්නේ තම දරුවන්ට අනාගතයක් සකස් කිරීමේ අරමුණින්ය. එහෙත් ඉන් පසුව උද්ගත වන්නේ මහා ඛේදවාචකයකි. මවුවරු දරුවන් දෙතැනක විමත් බිරිද සැමියා දෙතැනක විමත් නිසා පවුල් සංස්ථාව බිද වැටමට ලක් වේ. දරුවන් අනාථයන් බවට පත් වීමත් සැමියා බේබද්දකු හෝ තවත් කාන්තාවකගේ අනියම් පුරුෂයකු බවට පත් වීමත් මුදල් සොයා පිටරට යන මවුවරුන් විදේශ රටවලදී විවිධ පීඩනයන්ට හා ලිංගික අඩත්තේට්ටම් වලට ගොදුරු වීමත් බහුලව සිදුවේ.ගී පද රචකයා මෙම තත්වය විස්තර කිරීමට අපූරු වාග් කෝෂයක් යොදා ගනියි. ව්‍යංගාර්ථය දක්වන භාෂා රටාව භාවිතා කරනු ලැබේ.
ඔහු ගීතය ආරම්භක පද වැල් යොදාගෙන ඇත්තේ,

නෙලන්නට ගිහින් ඵලවැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
හිත් තොසින් නොවේ මැරි මැරී
කප්පරක් කිලිටි උන් ලඟ
වැටී උල උලා - වැටී උල උලා

යනුවෙනි.
මෙහි පළමු පදවැල් සවනට වැටෙන විට අපට සිහිපත් වන්නේ බෝසත් චරිතයේ අවස්ථාවකි. ඒ වෙස්සන්තර ජාතකයයි. මානව ධාරක පේ‍්‍රමයේ උත්තරීතර බව පසක් කරමින් එදා වංකගිරියෙහි ශාලිය ක‍්‍රිෂ්ණජිනා දරු දෙපල සුරුකිව තබා මන්ත‍්‍රි දේවිය ඵලවැල නෙලන්නට මහ වනයට යන්නේ දරු දෙදෙනාගේත් සැමියාගේත් කුසගිනි නිවිම අරමුණු කරගෙනයි. එහෙත් ඇය නැවත අසපුවට පැමිනෙනවිට සිදුව තිබුනේ ඛේදවාචකයකි. එම සිද්ධිය සිහිපත් කරමින් ගීතය ආරම්භවන අතර වර්තමාන මවුවරුන් දරුවන්ට යහපත් අනාගතයක් සැකසීමේ අරමුණින් විදේශ ගතවන අම්මලා ”අනේ දරුවනේ නාඩන් ”යන වදන දරුවන්ට කියා යන බව දක්වයි. එය සමාජ යථාර්තය ම වන අතර දරුවන්ගේ ජිවිත වලට කදුල එක් වන්නේ මව දුර රටකට යාමෙනි. සත් සමුදුරෙන් එහා බැසගෙන යනුවෙන් දක්වන්නේ ගවු ගනනක් දුර පිහිටි විදේශ රටවලට යන බවයි. එහෙත් එසේ යන මවුවරුනට රුකියා කරන්නට සිදුවන්නේ කුරුරු මිනිසුන්ගේ දෙපා අභියසයි. එය විවේචනාත්මකව ගීතය තුල ප‍්‍රකාශ වන්නේ විරෝධය කියා පාමිනි. ඒ මෙසේය
හිත් තොසින් නොවේ මැරි මැරී
කප්පරක් කිලිටි උන් ලඟ
වැටී උල උලා - වැටී උල උලා
විදේශ රුකියා උදෙසා විශේෂයෙන්ම ලාංකීය කාන්කාවන් ගෙන යනු ලබන්නේ මැද පෙරදිග කලාපයේ රටවල් වෙතටයි. එම රටවල නිවෙස්වල සිටින හාම්පුතුන් තිරිසනකුට තරම්වත් සැලකීමක් තම ගෘහ සේවිකාවන් වෙත ලබා නොදෙයි. විවිධ ආකාරයේ ශාරිරික වද හිංසා වලට පමුණවමින් සහ තම අතෘප්තිකර ලිංගික ආශාවන්් තෘප්ත කර ගැනීමට තම නිවසේ ගෘහසේවිකාව යොදා ගැනීම බහුලව සිදුවේ. ” කප්පරක් කිලිට් උන් ”යනුවෙන් මෙහි දක්වා ඇත්තේ එවන් පුද්ගලයින් ය. එම පුද්ගලයන් කොතරම් වරදෙහි බැදුන මිනිසුන් වුවද මුදල් යන කාරණාව මත කිලිටි හාම්පුතුන්ගේ දෙපා අභියස මෙහෙකාර කම් කිරීමය මවු වරුන්ට සිදු ෙවි. වැටී උල උලා යන වදන නැවත නැවත් යොදා ගන්නේ එහෙයිනි. සම්පූර්ණ නිවසේ කටයුතු ගෘහ සේවිකාව වෙත පැටවෙන අතර කිලිටි සේදීම වැසිකිලි පිරිසිදු කිරීම ඉවුම් පිහුම් ඉදුල් සේදීම දරුවන් රැක බලා ගැනීම නිවසෙහි සිටින සුනඛයන් පිරිසිදු කිරීම ආදී සියළු කටයුතු ගෘහ සේවිකාවන් විසින් තම හාම්පුතුනට කීකරුව අකුරට ඉටු කල යුතු අතර සුළු වරදක් හෝ සිදු වුවහොත් අමානුෂික දඩුවම් එල්ල වේ. සිත් තොසින් නොවේ මැරි මැරි යන වදන භාවිතා කර ඇත්තේ මෙම අමානුෂික අතවරය සිහිපත් කරමිනි. මවුවරුන් එසේ එතෙර ගොස් දුක් ගැහැට විදින විට මෙරට දරුවන්ට අත්වන ඛේදනීය ඉරණම ගීතයේ ඊලග කොටසින්  මෙසේ  දක්වනු ලැබේ.

මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකෙන් අරං හනිකට
එක් කරන් ගොහින් දරුවන් වනේ තනිකළා
පොඩි එවුන් වනේ තනිකළා

Add caption



බොහෝ විට මවුවරුන් විදේශගත වන්නේ දරුවන් සැමියා ලග තබා හෝ දරුවන්ගේ මිත්තණිය ලග තබා හෝ එසේත් නැතිනම් තම ඥාතින් වෙත දරුවන් භාර දීමෙනි. ගැහැනු දරුවන් හෝ වේවා පිරිමි දරුවන් හෝ වේවා ඉහත කී පිරිස විසින් නිසි පරිදි හදාවඩා ගන්නේද බලා කියා ගන්නේද යන්න ගැටළුවකි. මව කෙසේ හෝ තම දරුවන් නඩත්තු කිරිමට මුදල් එවුවද එමගින් දරුවන්ට යහපත සැලසේද.නැත බොහෝ පියවරු එම මුදල් මත් වතුරට වියදම් කරති.අවසන දරුවන් තනිවී අසරණ වෙති.වැඩිහිටියන්ගේ රැක්මක් නැති තැන දරුවෝ අයාලේ යති. එසේම පියා විසින්ම තම දියණිය කෙළසා දමන අවස්ථාද පවතියි.සීයා පියා අසල්වැසියන් ඥාතින් සල්ලාලයන් බීමත් පුද්ගලයන් විසින් කුඩා දරුවන් පවා කෙළසා දමති. මල් කැකුළු වන් කුඩා දරුවන්ගේ ජීවිත අකාලයේ යලි ගොඩනැගිය නොහැකි ආකාරයේ විනාශයන්ට ලක්වීම මෙහි ඉහත පද මගින් දක්වයි. මත් එවුන්,ඇවිත් හනිකට,අත් දෙකෙන් අරන් ආදි පද තුලින් මෙම සිද්ධිය දක්වයි.වනේ තනිකලා යනු එම දරුවන්ගේ ජිවිත විනාශයට පත් කිරීමයි. ජීවිතය නම් වූ මහා වනයේ පොඩි එවුන් තනිකර දමා තිබේ. රචකයා ව්‍යංගයෙන් කියා සිටින්නේ ළමා ජීවිත අතවරයට පත් වීමයි. දරුවන්ට එවන් ඉරණමක් අත් වීමෙන් පසු ඊලග කොටසින් බරටම ඵලවැල නෙලන්නට ගිය මවුවරුන්ගේ පැමිණීම මෙසේ දක්වයි.

හිස් අතින් එහෙන් එනකෙටෙ
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැනඅනේ පරවෙලා
අනේ පරවෙලා අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා


දරුවනට බරටම ථලවැල නෙලා ගෙනෙන්ට ගිය අම්මලාගේ නැවත පැමිනීම මෙහි දැක්වෙන්නේ හිස් අතින් එහෙන් එනකොට යනුවෙනි.මිල මුදල් යහමින් ගෙනෙන්ට ගිය මවුවරු සත්මහල් ප‍්‍රාසාද නම් හාම්පුතුනගේ නිවෙස්වල සිට නැවත මෙරටට පැමිනෙන්නේ විවිධ අඩත්තේට්ටම් වලටද ගොදුරුවය.

එසේ පැමිනෙන විට මෙහේ සිදුව ඇත්තේ තවත් මහා අවාසනාවකි. සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා අනේ පරවෙලා යනුවෙන් දක්වන්නේ එම අවාසනාවන්ත තත්වයයි. අනේ යන පදය භාවිතා කර ඇත්තේ එම අවාසනාවන්ත තත්වය දැක්විමටයි. එසේම සත් පියුම් පරවීම ගැන දක්වන අතර එය උපමා කරනු ලබන්නේ විනාශ වී ගිය දරුවන්ගේ ජිවිත වලටය.පියුම යනු සුවදවත් පුෂ්පයකි. පාරිශූද්ධත්වයේ සංකේතයකි. සිදුහත් උපතේදීද පියුම් හතක් පිපුනි. ඒ වශයෙන් ගත් කල සත් පියුම යනු සුපිරිසිදු බවේ සංකේතයකි.
දරුවන් හෝ වේවා සැමියා හෝ වේවා මේ සියල්ල බිද දමමින් පවුල් සංස්ථාවේ වූ දෙදරා යාම සත් පියුම් තැන තැන ඔහේ පරවෙලා යන වදන භාවිතය තුලින් ප‍්‍රකාශ කර තිබේ.මෙම ගීතය තුලින් මවුවරු මුදල් සොයා විදේශගත වීමෙන් ඇතිවන සමාජයේ අසන්නට දකින්නට ලැබෙන ඛේදවාචකය මනාව නිරූපනය කරයි. ගීතය තුලින් එය ඉදිරිපත් කරන්නේ එයට කැමත්ත ප‍්‍රකාශ කිරිමට නොවේ. ඛේදනීය වූ එම සමාජ යථාර්ථයට විරෝධය ප‍්‍රකාශ කිරීමටයි. එසේම දිගින් දිගටම ඇතිවන එම අවාසනාවන්ත තත්වයට එරෙහිව නැගී සිටීමට සමාජයට අවශ්‍ය විරෝධ ආකල්පය මෙම ගීතය මගින් ගෙනහැර දක්වයි. මෙම ගීතය අසන්නකුට වුවද මේ ආකාරයට මවුවරුන් විදේශ ගත විම වැලැක්විමට සිතෙයි.ඒ සමගය සමාජ යථාර්ථයේ පවතින දරිදාතාවය මෙයට හේතුව බව ගීතයේ යටි පෙලින් ප‍්‍රකාශ වේ.මවුවරු එතෙර ඵලවැල නෙලන්නට යන්නට හේතුව කුමක්ද..සමාජ අසාධාරණයේ ඵලයක් ලෙස බිහි වු දරිදාතාවය එයට හේතුවයි. මෙරට ආර්ථිකය ශක්තිමත් වූවානම් අසරණ කාන්තාවන් ගෘහසේවිකා ලෙස කිලිටි උන් ලග වහල් සේවයට යා යුතුද..නැත සියල්ලටම හේතුව වන්නේ පවතින සමාජ තත්වයේ අධම බව නොවේද?. ගීතය තුලින් සිතන්නට ඉඩ හරියි. වචන දහස් ගණනකින් ප‍්‍රකාශ කල නොහැකි සමාජ විරෝධි ආකල්පයක් ගී පද කිහිපයකින් ප‍්‍රකාශ කිරිමට තරම් ගී පද රචකයා නිර්මාණශි‍්‍රලී වි ඇති අතර එම විරෝධ ආකල්පය වඩාත් සෞන්දර්්‍යාත්මක ලෙස ශ‍්‍රාවක දෙසවනට තිළිණ කිරීමට රූකන්ත ගූණතිලකයන්ගේ ගි හඩ සමත් වි තිබෙන ආකාරය ඉහත ගීතය ශ‍්‍රවනය කිරීම තුලින් වඩාත් හොදින් පැහැදිලි වේ.

                                ඞී.ජී.අයි.එස්.නිල්මි.
                                කැලණිය විශ්වවිද්‍යාලය
                                ජනසන්නිවේදන අධ්‍යයන අංශය
   








                                                                                                                                    -සන්ධ්‍ය...