Monday, July 31, 2017

ලාක්ෂා හෙවත් ලතු කලාව



ලාක්ෂා හෙවත් ලතු කලාව

දේශීය කලාවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ කලා අංගයක් ලෙස ලාක්ෂා හෙවත් ලතු කලාව හැදින්විය හැකිය. ලංකාවේ පමණක් නොව බුරුමය ඉන්දියාව වැනි රටවලද ඈත පුරාණයේ සිට පැවත එන කලාවකි. පෙර දවස තරුණියන්ගේ අතුල් පතුල් අලංකාර කිරිමටද, රෙදි සායම් කිරීමටද, ලාක්ෂා භාවිතා කරන ලදී. එපමනක් නොව, ලතු කලාව රාජ්‍ය අනුග‍්‍රහයද නොමදව ලත් ජන කලාවකිි. රජ වාසලට අවශ්‍ය වූ කොඩිමිටි, ඊ මිටි, කත් ලී, වියන් මිටි, ආදිය ලාක්ෂා කර්මාන්ත කරුවන් විසින් සැපයිය යුතුව තිබුණි.

ලාක්ෂා කර්මාන්තයේ ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකි. එකක් නියපොතු වැඩ ය. අනෙක පට්ටල් වැඩය. එු අතරින් ලාක්ෂා කර්මාන්තයෙහි නියම හපනා නියපොතු වැඩෙහි දක්ෂයා ලෙස සැලකේ. මන්ද කලාකරුව සතු කුසලතාව මැනවින් ප‍්‍රකට වන්නේ නියපොතු වැඩවලින් බැවිනි. ලාක්ෂා කර්මාන්තයේදී අවශ්‍යවන ලාකඩ ලබා ගැනීම සදහා ක‍්‍රමවේදයක් පවතියි. එහිදී ලාක්ෂා ලබා ගන්නේ කැප්පෙටියා, මොර, කෝන්, පිහිඹිය වැනි ශාකවල යුෂ උරා බොමින් ජිවත්වන ලාක්ෂා කෘමියාගෙනි. එසේ ලබාගන්නා ලාකඩ මුලින්ම හොදින් සෝදා, ගින්නෙන් රත්කර පෙරා ගනු ලැබේ. එසේ ලබාගත් ලාකඩ පසුව සාදලිංගම්, රන්හිරියල්, ලාම්පුදැලි ආදිය යොදා වර්ණ ගන්වනු ලැබේ. අතීතයේ මෙසේ වූවද වර්තමානයේ ලාක්ෂා සදහා වර්ණ ලබා ගන්නේ වෙළ`ද පොළෙනි. ලාක්ෂා වැඩ සදහා වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ අරිම්බුව, ලණුව, ගල් බින්දුව, පලාපෙති, දම්වැල, කලස් දහය, වැනි පැරණි සිංහල සැරසිලි එ්කකයන්ය. නිියපොතු වැඩ වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ අවුඅතු මිටි, මුරායුධ මිටි, කොඩිමිටි, බස්තන් ආදියටයි. පට්ටල් වැඩවලින් නිමතරනු ලබන ලාක්ෂා නිර්මාණ වන්නේ අලූ බදුන්, උඩැක්කි, බෙර, හොරනෑ, ආභරණ හෙප්පු, මල් පෝච්චි ආදියයි. මේ ආකාරයට අතීතයේදී ලාක්ෂා කලාව තුලින් අගනා කලා නිර්මාණ බිහිවූ අතර වර්තමානයේ සමාජ සංස්කෘතික වෙනස් වීම් සමග මෙම දේශීය කලාවන් ජනයාගෙන් දුරස් වීම දේශිය කලාවන් මිහිමතින් තුරන් වීමට හේතු වේ.

ඞී.ජී.අයි.එස්. නිල්මි,

ජනසන්නිවේදන අධ්‍යයන අංශය,

කැලණිය විශ්වවිද්‍යාලය.


1 comment:

                                                                                                                                    -සන්ධ්‍ය...