Tuesday, August 1, 2017

කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබද බෞද්ධ මතවාද

 

 කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබද බෞද්ධ මතවාද

 

 

සර්ව ආගමිකයන්ගේ පුජනීයත්වයට පත්වන කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබදව විවිධ අදහස් පවතියි.මෙම දෙවියන් ඇදහීම මුලික කොට ගෙන ගොඩ නැගී ඇති අන්තර් සංස්කෘතික ලක්ෂණ පිළිබදව අධ්‍යනය කිරීමේදී බෞද්ධයන් කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබදව දරන්නාවු මතයන් පිළිබදව මා විසින් සොයා බැලීමි.

 

සිංහල බෞද්ධයන් කතරගම දෙවියන් උදෙසා විවිධ පුද සිරිත් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම රෝහණයට අධිපති ආරක්ෂක දෙවියා ලෙස පිළිගනු ලබයි. මෙම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබදව බෞද්ධයන් තුල විවිධ ආකල්ප පවතින අතර තෙවැනිවර බුදුන් ලංකාවට වැඩි අවස්ථාවේ රහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන වර්ථමාන කතරගම මහ දා ගැබ පිහිටි ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ විසූ බව පවසන ධාතු වංශය එම ස්ථානයේ අනාගත ආරක්ෂාව මහාඝෝෂ නම් දෙවියෙකු හට බුදුන් වහන්සේ විසින් පැවරූ බව සදහන්කර තිබේ. ලංකා තිලක විහාරයේ ගොඩනගා තිබුනු දේව රූප පිළිබදව විස්තර සදහන්වන ලංකාතිලක සෙල් ලිපියෙහි කරුණු සම්භන්දයෙන් අදහස් දක්වන පරණවිතාන මහතා එම දේව ප‍්‍රතිමා නාමාවලියෙහි කුමාර යන නාමය සදහන් කරන බවත් කුමාර යනු ලංකාවේ ආරක්ෂක දෙවියකු බවත් සදහන් කරයි. මේ දෙවියා අන් කිසිවකු නොව කතරගම ස්කන්ධ කුමාර යන බව නිසැක යැයිද පැරණි සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථයක්වන සසදාවතෙහි කද කුමාර නමින්ද නිකාය සංග‍්‍රහයෙහි ස්කන්ධ කුමාර නමින්ද සදහන්ව ඇත්තේ එකම දෙවියකු පිළිබදව බව එතුමන් සදහන් කරයි.

 

එසේම පවතින තවත් අදහස් වලට අනුව මහසේන රජතුමා කතරගම රාජ්‍යය කරන සමයෙහි බුදුරජාණන් වහන්සේ කතරගමට වැඩි අවස්ථාවේ රහතන් වහන්සෙුලා 500ක් සමග මහසේන රජ තුමාගේ කිහිරි උයනේ වැඩ සිට ඇත. එම ස්ථානයට ගිය රජතුමාට බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ සේක.ධර්මය අසා සෝවාන්ව ධර්මානුකූලව ජීවත්ව කාලක‍්‍රියා කොට ඉන්දියාවේ සරණ විල් 6ක ඔීපපාතිකව උපත ලබා ඇත.එහිදී කන්නසාමි නමින් ප‍්‍රචලිත වූ අතර තේවානි අම්මා නම් දෙවගන සමග විවාහ විය.මෙම සමයේ ඉන්දියාවේ සිට පැමිණි අරුණගිරි නාදන් නැමති යෝගාචවරයා කතරගම ප‍්‍රදේශයේ තපස් රකිමින් සිටි අතර එම ප‍්‍රදේශයේ වැදි රාජෙක් වාසය කරන ලද අතර ඔහුට දරුවන් සිට නැත. එක්තරා දිනක් වැදි පිරිස විසින් නුග ගසක් යට වන සතුන්ට උගුලක් අටවා තිබුණි.එම උගුල බැලීමට ගිය පිරිසට නුග ගස යට මුවන් රැුලක් එකතු වී සිටින ආකාරය දක්නට ලැබුණු අතර එු අසලින් ලමයකුු හඩන හඩ ඇසී ඇත.ඔවුන ඒ වෙත ගිය පසු ළමයකු දැක ටැනීමය හැකී වූ අතර වැදි රජ මෙම දැරිය හදා වඩාගෙන තිබේ.තරුණ වියට පැමිණි රූමත් දැරිය දිනක් අරුණගිරි නාදන් යෝගාචවරයා විසින් දැක තම මිතුරු කන්නසායි හට මෙම තරුණිය ගැලපෙන බව දන්වා තිබේ. එම පුවත ඇසූ කන්නසාමි ඔහුගේ මිතුරු සිවලිංගම් හා නබීර් සමග ලංකාවට පැමිණ කතරගම වැඩසිටි කන්දේ ජීවත්ව තිබේ.එහි සිට සෙල්ල කතරගම වෙත පැමිණ වැදි නායකයා විසින් සදා ගත් තරුණිය වන වල්ලි අම්මා සහ අරුණගිරි නාදර් බැහැ දැකීම ඔහුගේ පුරුද්දක් විය.මෙම කාල වකවානුව වන විට දුටුගැමුණු කුමරු එළාර රජු හා යුධ වැදීමට මහා සංඝ රත්නයත් තම මෑණියනුත් දස මහ යෝධයනුත් සේනාවත් සමග පිටත් විය.

 

මෙසේ යන අතරමග සිදු වු අහඹු සිදු වීමක් නිසා ගගෙහි ජලය මත හිදගෙන සිටින සන්නාසි වෙස් ගත්තකු රජුට දක්නට ලැබුණි. මේ අහම්බය දුටු ගැමුණු කුමරු මේ නම් අන් කිසිවකු නොව කද කුමරු බව හදුනා ගත්තේය. ඔබ තුමා හමු වීමට අවශ්‍ය බවත් එහෙත් ගගෙහි උතුරා යන ජලය නිසා පැමිනීමට නොහැකි බවත් පැවසූහ.එවිට කද කුමරු ඔබ ලග ඇති කඩුවෙන් ගග දියට ගසන ලෙස ඉල්ලීය.කඩුවෙන් ගැසූ කෙනෙහිම දිය දෙබෑ වී එතුමා සිටි වැල්ලට යා හැකි විය.(දැනට දිය කැපීම සිදු කරන්නේ මෙම ස්ථානයේය. එය දිය කපන තොට යැයි හැදින්වේ.* තමා සම්බුද්ධ ශාසනය රැුක ගැනීම හා ලංකාව එක් සේසත් කිරීම සදහා එළාර රජු සමග යුද්ධයට යන බවත් ඒ කාර්්‍ය ඉටු කර ගැනීමට ඔබ තුමාගේ උදවු අවශ්‍ය බවත් ගැමුණු කුමරු ප‍්‍රකාශ කලේය.

 

ගැමුණු කුමරුගේ උදාර ව්‍යායාමය ගැන පැහැදුනු කද කුමරු ඔබ නොබියව යුද්ධයට යන්න.මම උදවු කරන්නම්. යුද්ධයෙන් ඔබ ජයගත් පසු මට ඉන්නට වාසස්ථානයක් ඉදිකරදිය යුතු යැයි පොරොන්දු කරවා ගත්තේය. කන්ද කුමරුගේ ඉල්ලීම ඉටු කර දෙන බවට පොරොන්දු වූ ගැමුණු කුමරු යුදුධය සදහා පිරිවරත් සමග පිටත් විය. පසුව යුද්ධයෙන් ජයගත් රජතුමා වැඩසිටි කන්දට ගොස් කද කුමරු හමු වී රන් උළු මාලිගාවක් සැදීමට ස්ථානයක් පෙන්වන ලෙස ඉල්ලා සිටියේය. අනාගතයේ කලියුග කාලයක් එන බවත් එ් යුගයේ දී රන් උළු මාලිගාවක් තිබුනොත් රන් වලට ඇති ආශාව නිසා එය විනාශ වන බැවින් රන්කොත් මාළිගාවක් කරදෙන ලෙස ඉල්ලීය. වැඩසිටි කන්දේ සිට විදින ලද ඊතලය වැටුන තැන රන්කොත් මාලිගාවක් කරවා රාජකාරී කටයුතු සදහා නිලදාරි මණ්ඩලයක් රජු විසින් පත්කර ඇත. මහ දේවාලය ඉදිරිපිටින් වල්ලි අම්මා වාසය කළ තැන වල්ලි අම්මා දේවාලයද ඇත. වල්ලි අම්මා වැසුදි පරපුරේ හැදුන කාන්තාවක් බව සිහි ගැන්වීම පිණිස මේ මෑතක් වන තුරුම කතරගම මහ පෙරහැරේ වැද්දන් කිහිප දෙදෙකු ගමන් කළෝය.

 

මේ ආකාරයට සිංහල බෞද්ධ සංස්කෘතිය තුල කතරගම දෙවියන්ගේ ප‍්‍රභවය පිළිබද ආකල්පයක් පවතින අතර කද කුමරු පිළිබද ජන වහරේ එන කථාවක්ද හදුනා ගන්නට ලැබුණි.එනම්

 

අතට මතුරා එම අත යමකුගේ හිස මත තැබිමෙන් අළු බවට පත් කළ හැකි මහ බලගතු මන්ත‍්‍ර දැහැනක් ඊශ්වර නම් යෝගාවචරයා දැන සිටියේය. ඊශ්වරගේ බිරිද උමා නම් සුරූපිනියක් වූවාය.මෙම බලගතු මන්ත‍්‍ර දැහැන පිළිබද තතු දැනගත් බක් මහ අසුර තෙමේ ඊශ්්වර ගෙන් මන්ත‍්‍ර දැහැන තමාට ලබා දෙන ලෙස ඇවිටිලි කරන්නට විය. උමාගේ ඉල්ලීමට කනු දුන් ඊශ්වර බක්මහ අසුරයාට මන්ත‍්‍ර දැහැන ඉගැන්විය. මන්ත‍්‍ර දැහැන උගත් අසුරයාට අවශ්‍ය වූයේ තමන්ට ගුරු වූ ඊශ්වර එම මන්ත‍්‍ර දැහැනින් අළු කොට සුරූපී උමාව සරණ කොට ගැනිමට ය. මන්ත‍්‍ර දැහැනින් තම අතට මතුරා ගත් බක් මහ අසුරයා අත් හිත් බැලීමට මෙන් ඊශ්වරගේ හිස මත මන්ත‍්‍ර මන්ත‍්‍ර ජපකළ අත තැබීමට සැරසුණි. තමා දුටු මන්ත‍්‍රයේ බල මහිමය දැන සිටි ඊශ්වර පසුපස වේගයෙන් ලූහු බදින බක්මහ අසුරයා දුටු විෂ්ණු දෙවියෝ සැනෙකින් එක් උපායක් කල්පනා කොට ඔහුනොවුුන් ලූහුබදින අතරමග ඔන්චිල්ලක නැලවෙන එක් සුරූපිනියක් මවා ලූහ.සුරූපී ළදගේ රුව දුටු සැනින්ම ඊශ්වර පසුපස ලුහු බැදි බක් මහ අසුරයාගේ දිවීම බාල විය. උමාවට වඩා රුවින් අග තැන්පත් මෙම කාන්තාව කෙරෙහි සිත් බැදි අසුර තෙමේ ඇය හා විවාහ වීමට කැමැත්ත ඉල්ලා සිටියේය.

 

දිවි හිමියෙන් තමාව අත් නොහරින බවට හිස අත තබා දිවුරා සහතික වන්නේ නම් ඇය අසුරයා සමග විවාහ වීමට සතුටු බව පළ කර සිටියාය.ඉක්මන් වූ අසුරයා තමා ජපකල අතම හිසමත තබා දිවුරන්නට සැරසෙත්ම අළු බවට පත් වී විනාශ විය. තමා පසුපස හඹා ආ අසුරයා නොදුටු ඊශ්වර ආපසු හැරුණේය. දුවගිය අතරමගදී දුටු සුරූපිය ඔහුගේ මතකයට ආවේය. ඹන්චිල්ලක නැලවෙමින් සිටි එම සුරූපී ලද පිළිබදව සිත් බැදුනු ඊශ්වර ඇයද සරණ පාවා ගැනීමට ඇගෙන් විමසිය. තමා හා විවාහ වන්නේ නම් උමාවටගන් අවසර ලබාගෙන එන ලෙස ඊශ්වරට දන්වා සිටියාය.ඔහු ලහි ලහියේ ගොස් උමාවගෙන් අවසර ලබා එන විට ඇය පුතකු ලබා සිටි හෙයින් පුතකු ලබා සිටින ස්ති‍්‍රයක් යැයි නැවතත් අමාගෙන් අවසර ලබා එ්මට කීවාය. නැවත අවසර ලබා එන විට පුතුන් දෙදෙනෙකුද යලිත් ඒ බව සදහන් කොට එන විය පුතුන් තුන් දෙනෙක්වද සහිතවද ඇය මෙසේ අවසර ගෙන එන සෑම වාරයකදීම පුතකු බැගින් පුතුන් හය දෙනෙකු දක්වා ලැබ සිටියාය. මෙය නම් කිනම් පුදුමයක් දැයි සැක කල උමා පුතුන් සයදෙනා ලැබූ ස්ති‍්‍රය බලා මේ බම් කුමාර කන්දක් යැයි කියමින් පුතුන්සය දෙනාම දැතින් එක් කොට අල්වා ගත් විට එක ශරීරයක්ද මුහුණු සයක්ද අත් දොලසක්ද ඇති අපූරු රුවක් මැවුවාය.එහෙයින් ස්කන්ධ කුමාර යැයි ප‍්‍රකට වී යයි හැදින්වේ.

 

 

 

 

සිංහල සංස්කෘතිය තුළ පැසසුමට ලක්වන ග‍්‍රන්ථයක්වන වදන් කවි පොතෙහිද කතරගම දෙවියන් පිළිබදව කියවෙන කවි දැක්වේ.

 

තා නු තරුණ අරුණ කිරන බරණින් යස  තේජ නේ

බා නු අසුර අසුරන් යුධ ඔද වැඩි ගිරි         රාජ   නේ

මූහුණු හයකි අත් දොළසෙකි මයුරා පිට   වාහ   නේ

කතරගමේ පිහිටි කන්ද කදිර දේව           රාජ   නේ

 

යනුවෙන් දක්වා ඇත. මේ ආකාරයට කතරගම දෙවියන් පිළිබදව බෞද්ධ සංස්කෘතිය තුල විවිධ විශ්වාසයන් පවතින බව හදුනාගත හැකිය. 

 

ඞී.ජී.අයි.එස්. නිල්මි,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

 

 

 



No comments:

Post a Comment

                                                                                                                                    -සන්ධ්‍ය...